නඩු විභාගය අවසන් වන තෙක් හරක් කටා රැඳවුම් භාරයේ තැබීමට නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළා යාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයකට අනුව නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (08) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මෙම දැනුම්දීම සිදුකළා.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා දැනුම්දී තිබුණේ, මෙම විත්තිකරුට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කටයුතු කරන ලෙසයි.

එහෙත් මෙම සැකකරුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඔහු රැඳවුම් භාරයේ රඳවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා තීරණය කර ඇති බවත් රජයේ නීතිඥවරයා අද නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට දැනුම් දුන්නා.

එම දැනුම්දීම සම්බන්ධයෙන් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ දැඩි විරෝධය පළකර සිටියා.

සිය සේවාදායකයා වසර දෙකකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටි බව පෙන්වා දුන් නීතිඥවරයා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතව තිබියදී යළි නඩු අවසන් වන තෙක් රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට පියවර ගැනීම යුක්ති සහගත නොවන බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

ඒ, අනුව විත්තිකරු තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ තවදුරටත් රඳවා ගැනීමට නියමිත බවත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙම නඩු විභාගය සඳහා විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සූම් තාක්ෂණික අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර වැඩිදුර නඩු විභාගය ලබන 24 වන දා දක්වා කල්තැබුණා.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින සෙසු විත්තිකරුවන් හතරදෙනා අද (08) දින අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඔවුන් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28