නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 22ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණමය කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් දහනය කර විනාශ කිරීම අද (27) සිදුකෙරුණා.

පුත්තලම – වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ සකසා ඇති දහන උදුනේ දේ මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කර දැමුවේ හලාවත දිසා විනිසුරු හර්ෂ ඩී.සිල්වා මහතා සහ බලපිටිය දිසා විනිසුරු සංජීවනී පතිරණ මහත්මිය ඉදිරියේදී යි.

බලපිටිය දිසා අධිකරණයේ විභාග කර නඩු කටයුතු අවසන් කරන ලද හෙරොයින් මත් කුඩු කිලෝ ග්‍රෑම් 22යි ග්‍රෑම් 888ක්, විදේශීය දුම්වැටි 7, 600ක් ද හලාවත දිසා අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 33යි ග්‍රෑම් 172ක් සහ ගංජා කිලෝ ග්‍රෑම් 247යි ග්‍රෑම් 940ක් මෙලෙස දහනය කර විනාශ කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අශෝක ධර්මසේන, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂක චන්දන හේරත් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අන්තරායක පාලක මණ්ඩලයේ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29