ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් ආකර්ෂණීය නගර ආදර්ශ නගර ලෙස ඒවායේ උරුමයන් සහ අනන්‍යතාව ඉස්මතු වන අයුරින් ප්‍රතිසංවර්ධනය කිරීමටත්, එම නගර සන්නාම කරණය කිරීම තුළින් දේශීය සහ විදේශීය සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමටත් 2026 අයවැය ප්‍රතිපාදන මඟින් රුපියල් මිලියන 1,300ක මුදලක් ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලැබුවා.
ඒ අනුව, අනුරාධපුරය, කතරගම, කොළඹ හා මහනුවර යන නගරවල අනන්‍යතාව සහ සුවිශේෂත්වය ඉස්මතු වන පරිදි නගර සන්නාමකරණය (City Branding) සංකල්පය පදනම් කර ගනිමින් යෝග්‍ය උපදේශක සේවා ආයතනයක් විසින් සිදු කරනු ලබන අධ්‍යයනයකට අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.
ඒ සඳහා 2026 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 325 ක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
එමෙන්ම, නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ විධිමත්, ප්‍රමුඛතාගත සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, නගර 10 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ද 2026 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කර තිබෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
එම වැඩසටහන යටතේ, යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වවුනියාව, ඇහැළියගොඩ, බදුල්ල සහ මාතර යන නගරවල හඳුනා ගනු ලැබ ඇති ප්‍රමුඛතාගත කරන ලද ව්‍යාපෘති 217 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, නගර සන්නාමකරණ ව්‍යාපෘතිය සඳහා 2026 අයවැය ප්‍රතිපාදන මඟින් වෙන් කරන ලද මුදලින් ඉතිරි වන රුපියල් මිලියන 975ක ප්‍රතිපාදන සහ හැටන් සහ මාතලේ යන නගර සංවර්ධනය කිරීමේ කටයුතු ද මෙම වැඩසටහන මඟින් ආවරණය වන බැවින් එම නගර සංවර්ධනය කිරීම සඳහා වෙන් කරනු ලැබ ඇති රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන ද ඇතුළත්ව සම්පූර්ණ රුපියල් මිලියන 1,475 ක් යොදා ගනිමින් 2026 වසර වෙනුවෙන් නගර 10 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා














Ane loku sirta kiyanna okkotama kalin colombo wala theyena dehiwala mount lavinia pagoda wage kedichcha roads tika hadanna please. Ape car ganna deyak nee. Oyakiyana parawal hemadama kedila.
Ane loku sirta kiyanna okkotama kalin colombo wala theyena dehiwala mount lavinia pagoda wage kedichcha roads tika hadanna please. Ape car ganna deyak nee. Oyakiyana parawal hemadama kedila.