නගර සභාවේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ කඹ ඇදිල්ලෙන් නුවරඑළිය කසළ කන්දක් වෙලා

2026 නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කරනු ලැබූ වසන්ත සැණකෙළියේ තාවකාලික කඩ කාමරවලින් ඉවත් කරන අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් නගරය මධ්‍යයේ කොටසක් කසළ ගොඩගැසී අපවිත්‍ර වී ඇති බවට පාර්ශ්ව රැසක් චෝදනා කරනවා.

මෙවර වසන්ත සැණකෙළිය වෙනුවෙන් ටෙන්ඩර් පදනම මත තාවකාලික කඩ කාමර මිලදී ගත් වෙළඳුන් පවසන්නේ තමන්ට පානීය ජලය, වැසිකිළි පහසුකම් හෝ වෙනත් පහසුකමක් හෝ මෙවර සපයා නොමැති බවයි.

ඔවුන් පවසන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ටෙන්ඩර් පදනම මත අදාළ කඩ කාමර මිලදී ගත් බවත්, ඒ හේතුවෙන් නුවරඑළිය නගර සභාව විසින් තාවකාලික කඩ කාමරවලින් ඉවත් කරන අපද්‍රව්‍ය රැගෙන යෑම ප්‍රතික්ෂේප කරන බවයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පසුගිය වසරවල එවැනි තත්ත්වයකට මුහුණදීමට තමන්ට සිදු නොවූ බවත්, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ නුවරඑළිය නගර සභාවේ කඹ ඇදිල්ල හේතුවෙන් මේ වනවිට නුවරඑළිය නගර මධ්‍යයේ කොටසක් කසළ අංගනයක් බවට පත්ව ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් නුවරඑළිය නගර සභාවේ කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, නගර සභාවේ අනුමැතියකින් තොරව අදාළ තාවකාලික කඩ කාමර ලබාදී ඇති බවත්, ගොඩගැසී ඇති කසළ ඉවත්කරන ලෙසට නගර සභාව මඟින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි.

ඒ, අනුව මේ පිළිබඳව අප මාර්ග සංවර්ධන අධිකාරියෙන් ද විමසීමට කටයුතු කළ අතර, එහිදී මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ නගර සභාවෙන් එවැනි දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

එහිදී නගර සභාව විසින් ටෙන්ඩර් ගාස්තුවෙන් 25%ක මුදලක් ඉල්ලා සිටි බවත්, එම මුදල වෙන් කිරීමට තමාට බලතල නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මේ පිළිබඳව නගර සභාව සමඟ සාකච්ඡාකර විසදුමක් ලබාගැනීමට කටයුතු කරන බවත් ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස් වෙන්නේ නැත්තම් අස් කරන්න - කිසිවක් නොකර නිදා ගැනීම ගැන ඇමති වග කියන්න ඕනි
06:14
Video thumbnail
කවුරුත් නොදන්න හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ කතාව මෙන්න
03:14
Video thumbnail
මැදපෙරදිග යුද්දය නිසා ඉන්ධන මිල ඉහළ යයිද ? යුද්දයට කළින් තිබ්බ මිලට එන්නේ නෑ
03:50
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46
Video thumbnail
ආණ්ඩුවට ජනප්‍රසාදය වැඩිවෙනකොට විපක්ෂය දැන් දෙදරුම් කනවා - සජිත්ට යන එන මං නැතිවෙයිද ?
01:35
Video thumbnail
අම්මා තාත්තගේ අහුවුණත් වුණත්..ආයේ Chance එකක් නෑ - PHI නිලධාරින් සැර වෙයි
06:23
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46