ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක් ඇතුළු හතරක් අත්අඩංගුවට

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු පුද්ගලයින් හතර දෙනෙක් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධීවර සංස්ථාවේ හිටපු සභාපති කළුවඩන වලව්වේ ලලිත් දවුලගල, කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු වූ රත්නවීර පටබැඳිගේ වන්දන ක්‍රිෂාන්ත, සැපයුම් කළමණාකරුවෙකු වූ කුරුන්දුව හේවගේ විජිත් පුෂ්ප කුමාර, මෙහෙයුම් කළමණාකරුවෙකු (වැඩබලන මුදල් කළමණාකරු) වූ ජයසුන්දර මුදියන්සේලාගේ අනුර චන්ද්‍රසේන බංඩාර යන අය අද (04) පස්වරුවේ
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.
සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

2020 වර්ෂයේ දී ලංකා ධීවර සංස්ථාව වෙත, පැයකට මාළු කිලෝ 2000 ක් වැකුම් කර ඇසුරුම් කළ හැකි තරම් ඉහළ ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව එවැනි ධාරිතාවයකින් යුතු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් එම ආයතනයට මිළදී ගැනීමෙන් රජයට රු. 5,856,116.00 ක පාඩුවක් සිදුකර දුෂණයක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධව එහම සමාගමේ,
හිටපු සභාපතිවරයෙකු වූ කළු වඩන වලව්වේ ලලිත් දවුලගල
කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු වූ රත්නවීර පටබැඳිගේ වන්දන ක්‍රිෂාන්ත
සැපයුම් කළමණාකරුවෙකු වූ කුරුන්දුව හේවගේ විජිත් පුෂ්ප කුමාර
මෙහෙයුම් කළමණාකරුවෙකු (වැඩබලන මුදල් කළමණාකරු) වූ ජයසුන්දර මුදියන්සේලාගේ අනුර චන්ද්‍රසේන බංඩාර
යන අයවලුන් 2025.11.04 වන දින ප.ව. 2.30 පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
එසේම, ඉහත ක්‍රියාවලියටම අදාළව සැපයුම් කළමණාකරු වශයෙන් කටයුතු කරමින් එකී මිළදී ගැනීම වෙනුවෙන් සැපයුම්කාර සමාගම වන යුරෝ මෙට් ෆුටෙක් පුද්ගලික ආයතනය වෙත ගෙවිය යුතුව තිබූ රු. 928,058.20 ක මුදලින් කොටසක් එම ආයතනයට මුදා හැරීම සිදුකර දීම වෙනුවෙන් අල්ලස් ඉල්ලීම හා අල්ලස් වශයෙන් රු. 100,000.00 ක මුදලක් තම පුද්ගලික ගිණුම වෙත බැර කරවා ගැනීම තුළින් තුටු පඩුරක් ඉල්ලීම හා තුටු පඩුර භාරගැනීම යන චෝදනාවට අදාළව ද ඉහත කුරුන්දුව හේවගේ විජිත් පුෂ්ප කුමාර (සැපයුම් කළමණාකරු) අත්අඩංගුවට ගන්නා ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28