AFC Banner
AFC Banner
Empty Ad

දෛනික ඉන්ධන අවශ්‍යතාවය ඉහලට

දෛනික ඉන්ධන අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, සතියකට මෙට්‍රික් ටොන් 5,500ක්ව පැවැති ඩීසල් ඉල්ලුම මේ වන විට මෙට්‍රික් ටොන් 8,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම මෙට්‍රික් ටොන් 3,000ක්ව පැවැති පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් 4,500ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

මෙය බරපතළ තත්ත්වයක් බව පෙන්වාදෙන සභාපතිවරයා මෙය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගතයුතු බවද සඳහන් කර සිටියේය.

මේ අතර මෙම සතියේ දී ඉන්ධන නෞකා 5ක් දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.

එසේ ඉන්ධන නෞකා පැමිණිය හොත් ලංකා විදුලිබල මණ්ඩලයට ද ඉන්ධන ලබාදීමේ හැකියාවක් පවතින බව ඔහු සඳහන් කළේය.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවතින ඉන්ධන අර්බුධය සම්බන්ධයෙන් කිරිදිවෙල ප්‍රදේශයේ පැවැති උත්සවයක දී මෙලෙස අදහස් පළ කළේය.

“රුපියල් 200ට ගේන ඩීසල් ලීටර 150 විකුණුවොත් රුපියල් 50ක් අඩුයිනේ. ඊළඟ පාර 200ට ගේන්න අපිට සල්ලි මදි. එතකොට ඒ රටට තෙල් ගේන එක නතර කරන්න වෙනවා. බදු නිදහස කිරීම කළේ නැත්නම් අනිවාර්යෙන්ම ඒ අඩුපාඩුවත් ජනතාව මතම පටවන්න වෙනවා. එතකොට ආර්ථිකයට දරාගන්න බැරි, සමාජයට දාරගන්න බැරි දැවැන්ත ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුවීම වළක්වා ගතහැකි එකම ක්‍රමය තෙල්මත ඇති බදු ඉවත්කිරීම පමණමයි. බදු සහන ලබාදුන්නොත් ඉන්ධන මිල වැඩිකිරීම ඉතා පොඩි ප්‍රමාණයකින් පමණක් කරන්න පුළුවන්. ඒ බදු සහනය නොලැබුණොත් අපට සිදුවෙනවා ඩීසල් ලීටරයක් රුපියල් 52කින්, පෙට්‍රල් ලීටරයක් රුපියල් 19කින් ඉහළ දාන්න. එවැනි දැවැන්ත මිල ඉහළ දැමීමක් ජනතාවට දරාගැනීමට බැරි නිසා තමයි බදු ඉවත්කරලා දෙන්න කියන්නේ. බදු ඉවත් කළොත් ඇත්තෙන්ම ඉතා සුළු ඉහළ දැමීමකින් අපිට මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.”

කෙසේවෙතත් පවතින ඉන්ධන අර්බුධය විසදීම සඳහා රජයට කිසිදු සැලැස්මක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?