දෛනික ඉන්ධන අවශ්‍යතාවය ඉහලට

දෛනික ඉන්ධන අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, සතියකට මෙට්‍රික් ටොන් 5,500ක්ව පැවැති ඩීසල් ඉල්ලුම මේ වන විට මෙට්‍රික් ටොන් 8,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම මෙට්‍රික් ටොන් 3,000ක්ව පැවැති පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් 4,500ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

මෙය බරපතළ තත්ත්වයක් බව පෙන්වාදෙන සභාපතිවරයා මෙය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගතයුතු බවද සඳහන් කර සිටියේය.

මේ අතර මෙම සතියේ දී ඉන්ධන නෞකා 5ක් දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.

එසේ ඉන්ධන නෞකා පැමිණිය හොත් ලංකා විදුලිබල මණ්ඩලයට ද ඉන්ධන ලබාදීමේ හැකියාවක් පවතින බව ඔහු සඳහන් කළේය.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවතින ඉන්ධන අර්බුධය සම්බන්ධයෙන් කිරිදිවෙල ප්‍රදේශයේ පැවැති උත්සවයක දී මෙලෙස අදහස් පළ කළේය.

“රුපියල් 200ට ගේන ඩීසල් ලීටර 150 විකුණුවොත් රුපියල් 50ක් අඩුයිනේ. ඊළඟ පාර 200ට ගේන්න අපිට සල්ලි මදි. එතකොට ඒ රටට තෙල් ගේන එක නතර කරන්න වෙනවා. බදු නිදහස කිරීම කළේ නැත්නම් අනිවාර්යෙන්ම ඒ අඩුපාඩුවත් ජනතාව මතම පටවන්න වෙනවා. එතකොට ආර්ථිකයට දරාගන්න බැරි, සමාජයට දාරගන්න බැරි දැවැන්ත ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුවීම වළක්වා ගතහැකි එකම ක්‍රමය තෙල්මත ඇති බදු ඉවත්කිරීම පමණමයි. බදු සහන ලබාදුන්නොත් ඉන්ධන මිල වැඩිකිරීම ඉතා පොඩි ප්‍රමාණයකින් පමණක් කරන්න පුළුවන්. ඒ බදු සහනය නොලැබුණොත් අපට සිදුවෙනවා ඩීසල් ලීටරයක් රුපියල් 52කින්, පෙට්‍රල් ලීටරයක් රුපියල් 19කින් ඉහළ දාන්න. එවැනි දැවැන්ත මිල ඉහළ දැමීමක් ජනතාවට දරාගැනීමට බැරි නිසා තමයි බදු ඉවත්කරලා දෙන්න කියන්නේ. බදු ඉවත් කළොත් ඇත්තෙන්ම ඉතා සුළු ඉහළ දැමීමකින් අපිට මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.”

කෙසේවෙතත් පවතින ඉන්ධන අර්බුධය විසදීම සඳහා රජයට කිසිදු සැලැස්මක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29