දේශීය ණය ප්‍රශස්තිකරණය ණය පීඩනය බෙදා ගැනීම සඳහායි – මුදල් රාජ්‍ය ඇමැති

දේශීීය ණය ප්‍රශස්තිකරණය සිදු කරනු ලබන්නේ ණය පීඩනය බෙදා ගැනීමේ පියවරක් ලෙස බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව දේශීය සහ විදේශීය ණය එක හා සමානව ලබාගෙන ඇති බවයි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන දෙන ලෙස ඉල්ලා සිටින මේ අවස්ථාවේදී දේශීය ණය ද ප්‍රශස්තිකරණයේ වගකීම රජය සතුව පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දේශීය ණය ප්‍රශස්තිකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ප්‍රශස්තිකරණයකින් තොරව ආර්ථිකය පවත්වාගෙන යාමට නම් ආදායම් ඉහළ නැංවීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තවදුරටත් බදු පැනවීම හෝ වියදම් කප්පාදු කිරීම ඒ අනුව සිදුකළ යුතු බවයි.

මෙය පොදු ගැටලුවක් සේ සලකා අද දිනය තුළ පාර්ලිමේන්තුවේ පැවැත්විය යුත්තේ විවිදයක් හෝ ඡන්ද විමසීමක් නොව පුළුල් සාකච්ඡාවක් බව ද ඔහු පෙන්වා දෙනවා.

1950 වන විට මෙරට ණයබරතාව දැක්වුණේ රුපියල් මිලියන 654ක් ලෙසටයි. එය දළ‌ දේශීය නිෂ්පාදිතයෙන් 16.5%ක්. 1975 වසර වන විට ‌මෙරට ණය බරතාව රුපියල් මිලියන 1564ක් ලෙස දැක් වුණේ 1950ට සාපේක්ෂව 54.8%ක වර්ධනයක් ද පෙන්වමින්. 2000 වසර වන විට එම ණයබරතාව මිලියන 1218700ක් ලෙස දැක්වුණ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 96.9%ක් ලෙස සටහන් වුණා. 2022 වන විට සමස්ත ණයබරතාව දළ ‌දේශීය නිෂ්පාදිතයෙන් 128%ක් දක්වා ඉහළ ගියා. 1950ට සාපේක්ෂව 2022 වසර වන විට ණයබරතාව 47282 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ. 1959 සංඛ්‍යා ලේඛනවලට අනුව මෙරට ජනගහනය 9,600,000 පමණ වූ අතර ණයබරතාව දැක් වුණේ රුපියල් මිලියන 1867ක් ලෙසටයි. ඒක පුද්ගල ණයබරතාව 193.97ක් ලෙස සටහන් වුණා. අද වන විට ජනගහනය 22,000,000 ඉක්මවා ඇති අතර ණයබරතාව බිලියන 26040ක්. ඒ් අනුව ඒ්ක පුද්ගල ණයබරතාව රුපියල් 1,173,976‌ ලෙස දැක්වෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

1960 වසරේ දී 22%ක් වූ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2022 වන විට 8.3% දක්වා පහළ ගිය බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමට සිදු වන්නේ මෙවැනි පසුබිමක් තුළ බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ 2035 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණයබරතාව 95% දක්වා අඩු කර ගැනීම අපේක්ෂාව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43