දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් – තීන්දුව කථානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

බුවනෙක අලුවිහාරේ, ඒ.එච්.එම්.ඩී නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.

ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරිකයෙකු වන චතුරංග අබේසිංහ සහ තරුණ නීතිඥ සංගමයේ නීතිඥවරියක වන අරුණි ලියනගේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

චතුරංග අබේසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් .ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සේවක අර්ථසාධක අරමුදලේ භාරකාරීත්වය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය සතු වන බවත් එම අරමුදල ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කිරීමට සහ එහි ප්‍රතිලාභ සාමාජිකයන්ට ලබාදීමට මූල්‍ය මණ්ඩලය නීතියෙන් බැඳී සිටින බවත් සඳහන් කළා.

සාමාජිකත්වයට ලැබෙන එම ප්‍රතිලාභ කප්පාදු කිරීමට අදාළ පනත යටතේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට බලයක් නොමැති අතර එම අරමුදල ආරක්ෂා කිරීම සඳහා බැදී සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින්ම එහි ප්‍රතිලාභ කපා හැරීමට ක්‍රියා කිරීම සේවක අර්ථසාධක අරමුදල් පනතේ අභිමතාර්ථයන්ට පටහැනි ක්‍රියාවක් බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා කිසිදු රටක සමාජ ආරක්ෂක අරමුදලක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කර නොමැති බවත් කියා සිටියේය.

යෝජිත පනත් කෙටුම්පත තුළින් සේවක අර්ථසාධක අරමුදල වෙත සියයට 30 ආදායම් බද්දක් පැනවීමට කටයුතු කරනු ලැබූවොත් ඉන් අරමුදලේ සාමාජිකයන්ට හිමි වනුයේ 3% ක පමණ ප්‍රතිලාභයක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ඒ, අනුව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන සේවක අර්ථසාධක අරමුදල් පනත සහ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමන්තිරන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තරුණ නිතිඥ සංගමය වෙනුවෙන් නීතිඥ අරුණි ලියනගේ ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් බවත් මෙම දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත එහි දිගුවක් බවත් සඳහන් කර සිටියා.

මෙම කරුණු මේ වන විට පාර්ලිමේන්තුව හමුවේ සාකච්ඡාවට බඳුන් වී තිබෙන කාරණයක් ඇයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යෝජිත පනත් කෙටුම්පත තුළින් කිසිදු ආකාරයක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් තර්ක කර සිටියා.

සියලු පාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46
Video thumbnail
උඹලා මොනවා කරත් අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා - ඔය කෙඳිරි ගාන්නේ බය වෙච්ච අය තමයි
03:42
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38