කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ පොලිස් සැරයන්වරයා ලබන 12වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ (01) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.
ඒ, අනුව අද (02) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකවැරටිය මහෙස්ත්රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
