දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර

රාජ්‍ය බදු යාන්ත්‍රණය ඉහළ නංවාලීම සඳහා දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන අතර ඔවුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට මෙම නව දේශීය ආදායම් පනතෙන් හැකියාව ලැබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙරට රාජ්‍ය බදු අය කර ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බැවින් රටේ බදු ප්‍රතිපත්තිය ද කඩිනමින් වෙනස් කළ යුතු බව මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ,

ජාතික ආර්ථිකය නඟාසිටුවීම සඳහා බදුකරණය විධිමත් කිරීමට රජය තීරණය කරනු ලැබුවා. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමත්, විදේශ සංචිත වැඩි කිරීමත් සහ රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමත් අවශ්‍යයි. එම නිසා අප කාරක සභාව විසින් රජය බලාපොරොත්තු වන එම ආදායම් වැඩි කර ගැනීමේ ඉලක්කයට යාමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලුවා. එහිදී රජයට වැඩිම ආදායමක් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන කමිටුව හමුවට කැඳවනු ලැබුවා.

ආණ්ඩුව මෙම වසරේ පමණක් රුපියල් බිලියන 3105ක රාජ්‍ය බදු ආදායමක් බලාපොරාත්තු ‌ෙවනවා. නමුත් මේ වන විට එම ආයතන තුනෙන් ලැබී තිබෙන්නේ රුපියල් බිලියන 1179ක බදු ආදායමක් පමණයි. මේ වසරේ දෙසැම්බර් මාසය වන විට අදාළ ඉලක්කවලට යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දන්වා තිබෙනවා. මෙම ආයතන තුනට එම ඉලක්කය සපුරාගත හැකිද යන්න පිළිබඳ වාර්තාවක් මේ වන විට සකස් කර තිබෙනවා. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කමිටුව විශ්වාස කරන ආකාරයට මේ ආයතන තුන ප්‍රතිව්‍යුහගතකරණයට ලක් නොකළ හොත් ආණ්ඩුව බලාපොරොත්තු වන ඉලක්කවලට යාමට හැකියාවක් නැහැ.

ජනතාව හැමදාම චෝදනා කරන්නේ දේශපාලනඥයන්ට පමණයි. නමුත් රජයට බදු ආදායම් ලබා දෙන ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ අකටයුතුකම් තිබෙනවා. මේවායේ සිදුවන දූෂණ අක්‍රමිකතා සහ ඇතැම් කඩාකප්පල්කාරී කටයුතු නිසා මේ ආයතනවලින් රජයට ගත හැකි බදු කිසිවක් අය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදයම මේ වසරේ 8.20%යි. ලෝකයේ අනිත් රටවල දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 20%ක් පමණ වෙනවා. ඒ නිසා මෙම අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුව තිබෙනවා. මෙරට ජනගහනය මිලියන 22ක් වුවත්, පෞද්ගලික බදු ලිපි ගොනු තිබෙන්නේ ලක්ෂ 5ක් පමණයි.

පසුගිය වසරේදී මෙම පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව දෙලක්ෂ අනූපන් දහසක් දක්වා අඩු වුණා. මේ වසරේ පෞද්ගලික ලිපිගොනු සංඛ්‍යාව දෙලක්ෂ හාරදහසකට අඩුවී තිබෙනවා. මෙරට පෞද්ගලික බදු ලිපිගොනුවලින් බදු වශයෙන් ගෙවන්නේ පුද්ගලයන් 29,000ක් පමණයි. ඒ වගේම එක්ලක්ෂ පන්දහසක් සමාගම් තිබෙනවා. එයින් බදු ගෙවනු ලබන්නේ සමාගම් 15,000ක් පමණයි. අපේ රටේ බදු අය කර ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විශාල ගැටලු රැසක් පවතිනවා. ලෝකයේ අනිකුත් රටවල් දෙස බැලීමේ දී අපේ රටේ බදු ප්‍රතිපත්තියෙහි අර්බුදයක් තිබෙන බව පැහැදිලි වෙනවා. මෙරට තුළ බදු ගෙවීම් පැහැර හැරියහොත් ඒ සම්බන්ධව කිසිදු නීතිමය පියවරක් ගැනීමට හැකියාවක් නැහැ.

ඒ නිසා රටේ බදු ප්‍රතිපත්තිය කඩිනමින් වෙනස් කළ යුතුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පමණක් බදු වශයෙන් රුපියල් බිලියන 904ක් අය විය යුතුව තිබෙනවා. රජයට බදු නොගෙවා සිටීම සඳහා අභියාචනා හතරක් ඉදිරිපත් කිරීමට අවස්ථාව දී තිබෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව පමණයි. එම අභියාචනා 4 විභාග කරන්න අවුරුදු 15ක් ගත වෙනවා. රුපියල් බිලියන 904ක මුදල අය කර ගන්න වසර 15ක් ගත වෙනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් හිතාමතාම සිය රාජකාරිය පැහැර හරිනවා. මේ ආකාරයට බදු අය කර ගැනීමේ යාන්ත්‍රණයේ විශාල හිඩැසක් තිබෙනවා.

මේ නිසා අධිකරණ අමාත්‍යාංශයේ සහාය ඇතිව කඩිනමින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. බදු ගෙවීමට එරෙහිව ගොනු කළ හැකි අභියාචනා හතර දෙකක් බවට පත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ද හිමිව තිබෙනවා. එම නිසා මේ කටයුතු කඩිනමින් අවසන් කර, රජයට අයවිය යුතු රුපියල් බිලියන 904ක බදු මුදල ලබා ගැනීමට කටයුතු කරනවා.

ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 8ක් වැය කරලා දත්ත පද්ධතියක් සකස් කළා. නමුත් වසර 10ක් තිස්සේ මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් කිසිදු උත්සාහයක් ගෙන නැහැ. මෙම දත්ත පද්ධතියට ආයතන 42ක් ඇතුළත් කර තිබෙනවා. දත්ත පද්ධතිය සකස් කළොත් ඔවුන්ට වුවමනා විදිහට කටයුතු කිරීමේ හැකියාව නැති වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය කළ යුතු බවට යෝජනා කළේ මේ අක්‍රමිකතා ද වළක්වා ගැනීමේ අපේක්ෂාව ඇතුවයි.

මීට අමතරව බදු විගණනය කරන සමාගම් සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුයි. රටේ තිබෙන ප්‍රධාන විගණන සමාගම් තුළත් විශාල වංචා සිදු වෙනවා. පවතින පනත් තුළින් ඒ සම්බන්ධව නිසි ලෙස කටයුතු කරන්න බැහැ. ඒ නිසා නව පනත් හරහා මෙම තත්ත්වය වළක්වා ගැනීමට යෝජනා කිහිපයක්ම සිදු කර තිබෙනවා.

දැනට පවතින පනතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය බදු ආදායම වැඩි කර ගන්න හැකියාවක් නැහැ. රටේ ඇතැම් ප්‍රබල ව්‍යාපාරිකයන් නියමිත ලෙස රජයට බදු ගෙවන්නේ නැහැ.

ඔවුන් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සොයා බලා තිබෙනවාද යන්න ප්‍රශ්නයක්. එම නිසා මෙම අය කරගත හැකි කොටස් වෙතින් නියමිත ලෙස බදු අය කර ගැනීමෙන් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට හැකියාව තිබෙනවා.

රටේ ජනතාවට සහනාධාර ලබා දීම, සංවර්ධන කටයුතු, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු සියලු වියදම් දරන්නේ රාජ්‍ය බදු ආදායම මගිනුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ආදායම වැඩි කර ගැනීම ගැන නැවත සලකා බැලිය යුතුයි.

බදු අය ගැනීමට ක්‍රමවේදයක් නොමැති වීම සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි තීරණ ගත යුතුයි. මෙයට සමගාමීව රේගු, සුරාබදු දෙපාර්තමේන්තු ආඥා පනත් ද කඩිනමින් සංශෝධනය කළ යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05