සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සහය ලබාදීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් අද (25) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් කතානායක ජගත් වික්‍රමරත්න වෙත භරදෙනු ලැබුවා.
මෙම යෝජනාව සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙක් අත්සන් තබා තිබෙනවා.
2023 වසරේ වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මාර්තු 19 වන දින මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වුණා.
ඒ, දින 20ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුයි.
අනතුරුව ඔහු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.
මේ වනවිට ඔහු දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටිනවා.