spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශබන්දුට එරෙහි පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගයක් දීර්ඝ කෙරේ

කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට ආසන්න මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද (20) කැඳවූ අවස්ථාවේ දී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම අද (20) කැඳවූ අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටී ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටින ලෙස නීතිපතිවරයා වෙත උපදෙස් ලැබී තිබෙන බවත් අධිකරණ සේවා කොමිසම හරහා මහේස්ත්‍රාත්වරයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 28 වනදා කැඳවීමට දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?