දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහි පෙත්සම් විභාගය අවසන්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශය කිරීම කල් තැබුවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවීස් සින්නයියා, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.