ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සාකච්ඡාවක් සඳහා අද (22) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.
අපේක්ෂකයින් සඳහා වියදම් සීමාවන් කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ.
නියමිත වේලාවට ගැසට් නිවේදනයක් මඟින් අදාළ නිල වියදම් සීමාව ප්‍රකාශයට පත් කරන බව ඔහු සඳහන් කළා.
පළාත් පාලන මැතිවරණය මැයි 06 වන දින පැවැත්වීමට නියමිත අතර, අපේක්ෂකයින් 80,000 කට ආසන්න සංඛ්‍යාවක් තරග කරනවා.
මෙම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 107ක් සහ ස්වාධීන කණ්ඩායම් 49ක් නියෝජනය කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1