දේවමෙහෙයක් අතරතුර හදිසියේ අසනීප වූ කාන්තාවක් මියගිහින්

මදුරන්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය දරුවන් දෙදෙනා ද සමඟ අදාළ කාන්තාව පෙරේදා දිනයේ දේවමෙහෙය සඳහා සහභාගීව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පල්ලම, විල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවයි මදුරන්කුලිය පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් අප කළ විමසීමක දී සඳහන් කළේ.

රෝග සුවවීම සඳහා අදාළ කාන්තාව විසින් රැගෙන ආ ජලය දේවගැතිවරයා විසින් ආශිර්වාද කිරීමෙන් පසු නැවත එම කාන්තාවට බීමට ලබාදීමෙන් පසුව ඇය මෙලෙස හදිසියේ අසනීප වී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් එම කාන්තාව කාලයක සිට හෘදරෝගයකින් පෙළී ඇති බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මේ අතර අදාළ කාන්තාවගේ මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) දිනයේ පුත්තලම රෝහලේ දී සිදු කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?