දෙසැම්බර්වලින් පසු බිත්තර ආනයනය නවතී (වීඩියෝ)

බිත්තර හා කුකුළු මස් අපනයනය කිරීමේ අවස්ථා සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මාලදිවයින ඇතුළු රටවල් කිහිපයකට දැනටමත් කුකුළු මස් සහ බිත්තර මෙරටින් අපනයනය කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර දෙසැම්බර් උත්සවය සමය තුළ පරිභෝජනය ඉහළ යාමත් සමඟ බිත්තර සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් ඇතිවිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් දෙසැම්බර් මාසයෙන් පසුව මෙරටට බිත්තර ගෙන ඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම ඉදිරියේදීත් කුකුළු මස් මිල අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පවසා සිටියේ.

2024 අගෝස්තු මාසය වන විට බිත්තර අතිරික්තයක් ඇති කිරීමට අපේක්ෂා කරන බවත්, ලෝක වෙළෙඳපොළේ ඇති අවස්ථා සොයා බැලීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00