දෙවැනි පොල් ත්‍රිකෝණය උතුරු පළාතෙන්

සැප්තැම්බර් 02 වනදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ “වසරක ප්‍රගතිය” සමාලෝචනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙම වසරේදී තේ කිලෝ මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

රබර් ආශ්‍රිත අපනයනයෙන් ඩොලර් මිලියන 900ක ආදායමක් ද, පොල් ආශ්‍රිත අපනයනවලින් ඩොලර් මිලියන 700ක ආදායමක් ද මේ වසරේ අපේක්ෂා කරන අතර කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව තුළ කෝපි වගාව නැවත ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙහිදී අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ කතා කිරීමේදී පසුගිය වසරේ පොහොර අර්බුදය නිසා වැවිලි කර්මාන්ත අපනයනය පහත වැටීමක් සිදු වුණා. පොහොර අර්බුදය සහ අයහපත් කාලගුණය වැවිලි කර්මාන්තයට විශාල ලෙස බලපෑවා. විශේෂයෙන් පසුගිය වසරේ යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටියක මිල රුපියල් තිස්දාහක් දක්වා ඉහළ ගියා. අද වන විට යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 9000ක් දක්වා මිල අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ මේ වසර අවසානය වන විට තේ කිලෝ ග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට හැකි වේ යැයි පුරෝකථනය කර තිබෙනවා. එසේම මාර්ගගත ක්‍රමය හරහා ලෝක තේ වෙළඳපොළ සමඟ ගනුදෙනු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම ඉරානයෙන් ලබාගත් ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500ක තේ අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එමගින් අපට අහිමි වී ගිය ඉරාන තේ වෙළඳපොළ නැවත සක්‍රිය කර ගැනීමට ද අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාවේ තේ ගැනුම්කරුවන් වන පාකිස්තානය, රුසියාව, යුක්‍රේනය, ඉරානය , ඉරාකය වැනි රටවල තිබෙන අර්බුද හා ගැටුම්කාරී තත්ත්වයන් නිසා ඔවුන්ගේ ක්‍රයශක්ත්තිය හීන වෙමින් පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ සඳහා ස්ථාවර මිලක් ලෝක වෙළඳපොළේ පැවතුන ද තේ මිලදී ගන්නා රටවල ක්‍රයශක්තිය හීනවීම ගැටලුවක් විය හැකියි.

තේ වතු කම්කරුවා සුරක්ෂිත කිරීම උදෙසා පර්චස් 10ක ඉඩම් කොටසක් ඔවුන්ට ලබා දීමට කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී තිබෙනවා . ඒ අනුව අදාළ ඉඩම් හිමිකම ඉදිරි කාලයේ දී ඔවුන්ට ලබාදීමට නියමිතයි. ඉන් පසුව ඔවුන්ට අවශ්‍ය නිවාස ඉදිකර ගැනීම සඳහා ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීමට ද අපේක්ෂා කරනවා.

පසුගිය වසර දෙක තුළ රබර් ආශ්‍රිත අපනයනයෙන් රුපියල් බිලියනයක ආදායමක් ලබා ගැනීමට හැකි වුණා. විශේෂයෙන් කොරෝනා වසංගතය පැවති සමයේ දී අත්වැසුම් නිෂ්පාදනය සඳහා රබර් ලබා ගැනීම හේතුවෙන් විශාල අපනයන ආදායමක් ලබා ගැනීමට හැකි වුණා. නමුත් මේ වන විට ලෝක ආර්ථික අර්බුදය හමුවේ රබර් නිෂ්පාදන සඳහා ඉල්ලුම අඩු වෙමින් පවතිනවා. එම නිසා මෙම වසරේදී ඩොලර් මිලියන 900ක පමණ රබර් ආශ්‍රිත අපනයන ආදායමක් පුරෝකතනය කර තිබෙනවා.

ඒ වගේම පොල්වල අපනයන ආදායම මෑත ඉතිහාසයේ බොහෝ ලෙස ඉහළගොස් තිබෙනවා. මෙරට පොල් ආශ්‍රිත විවිධ නිෂ්පාදන ප්‍රභේද නිසා එම ඉල්ලුම තව තවත් ඉහළ යමින් තිබෙනවා. පොල් කිරි, පොල් උපස්තර, සක්‍රිය කාබන් නිෂ්පාදනය වැනි නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් පවතිනවා. මේ වසරේදී පොල් නිෂ්පාදන ආශ්‍රිත අපනයන වලින් ඩොලර් මිලියන 700 ක ආදායමක් බලාපොරොත්තු වෙනවා.

ඉදිරි දශකය ඇතුළත පොල් ආශ්‍රිත නිශ්පාදන වලින් ඩොලර් බිලියන 2 ක අපනයන ආදායමක් ලබා ගැනීම සඳහා සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලංකාව තුළ දෙවන පොල් ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට ද බලාපොරොත්තු වෙනවා. උතුරු පළාතේ යාපනය පේදුරුතුඩුව, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම දෙවන පොල් ත්‍රිකෝණය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ වන විටත් පොල් නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගන්නවා. අපනයනය සඳහා යොදා ගනු ලබන්නේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණයි. මේ තත්ත්වය වෙනස් කරමින් අපනයන සඳහා වැඩි අවස්ථාවක් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

කුරුඳු වගාවට අවශ්‍ය GI භූ දර්ශක සහතිකය මේ වන විට ලබාගැනීමට අප සමත්ව තිබෙනවා . ලෝකයේ තිබෙන හොඳම කුරුඳු ශ්‍රී ලංකාවේ සහ මැඩගස්කරයේ පමණක් වීම නිසා හොඳ අපනයන ආදායමක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එම නිසා කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යාංශයක් ලෙස විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

ලෝකයේ වඩාත්ම ප්‍රචලිත වෙමින් තිබෙන කෝපි, වගාවක් ලෙස ශ්‍රී ලංකාව තුළ නැවත ව්‍යාප්ත කිරීමට අවධානය යොමුව තිබෙනවා. තේවලට ප්‍රථම කෝපි වගාව ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළ ද යම්කිසි දිලීර රෝගයක් නිසා එම වගා කටයුතුවලින් ඈත් වීමට ගොවීන්ට සිදු වුණා. නමුත් ලෝක වෙළඳපොළේ කෝපිවලට විශාල විභවයක් පවතින නිසා ශ්‍රී ලංකාවේ කෝපි වගාව පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව කෝපි අක්කර 1000ක වගාවක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23