දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 247 ක දැවැන්ත ජයක් 

පාකිස්ථානය සමග පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 246ක ජයක්.මෙම ජයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවන ස්ථානය දක්වා යළි ඉහළට පෑමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 508 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම සිය දෙවෙනි ඉනිම සඳහා සියලුම දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 261 ක් පමණයි.

පළමු ඉනිම සඳහා ලකුණු 378 රැස් කර ගත්තා.සංචාරක පකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 231කි.පළමු ඉනිමේ ලකුණු 147 වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කට ලකුණු 360 ලබා සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.පාකිස්තාන කණ්ඩායමට ලකුණු 508 ක දැවැන්ත ඉලක්කයක් හිමි වුණා.

ඔවුන්ගේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 සම්බන්ධතාවක් ගොඩ නැගුණු අතර එය බිඳ වැටුණේ අබ්දුල් රාසික් ලකුණු 16 ට දැවී යාමත් සමගයි.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල ලෙස ඉමාම් උල් හක් මුළු ලකුණු සංඛ්‍යාව 97 ක් ව තිබියදී දැවී ගියේ ඔහුගේ අර්ධ ශතකයට ලකුණු ඉතිරිව තිබියයි.

තුන්වැනි කඩුල්ල වෙනුවෙන් බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් අතර අගනා සම්බන්ධතාවක් ගොඩ නැඟුණා.

මේ දෙදෙනා අතර ගොඩනැඟුණු ලකුණු 79 ක සම්බන්ධතාව බිඳ වැටුණේ මොහොමඩ් රිස්වාන් ලකුණු 37කට දැවී යාමත් සමගයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ ඉතිරිව තිබූ බරපතළලම අභියෝගය වූයේ හොඳින් පන්දුවට පහරදෙන බාබර් අසාම් දවා ගැනීමයි.

තරගයේ 66 වැනි පන්දු ඕවරය ක්‍රියාත්මක කළ ප්‍රභාත් ජයසූරිය ලකුණු 81 ක් ලබා සිටි බාබර් අසාම් ‍ක්‍රීඩාගාරයට හරවා යැවුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කර දෙමින්.

ඉන් අනතුරුව පසුපෙළ පිතිකරුවන් කිසිවකුටත් සාර්ථක වීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ගේ බලඇණිය ඉඩ තැබුවේ නැහැ.

ඔවුන් එකා පස එකා ක්‍රීඩාගාරයට පියමන් කලේ ප්‍රභාත් ජයසූරියට තරග ඉනිම හයක් තුළ දී සිව් වැනි වතාවටත් කඩුලු 5ක් දවා ගැනීමේ අවස්ථාව හිමිකර දෙමින්.

ඔහු තරගය නිමා වන විට ලකුණු 117 කට කඩුලු 5 ලබා සිටියා.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 101ට ලබාගෙන තිබූ කඩුලු සංඛ්‍යාව 4ක්.ඒ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සමව නිම විය.

මේ අතර මෙම ජයග්‍රහණයත් සමඟ ICC ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය කරා ඉදිරියට පැමිණ තිබේ.පාකිස්තානය එහි 5වන ස්ථානයේ පසුවෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28