AFC Banner
Empty Ad
Empty Ad

දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු 7ක් බිඳ වැටෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. පළමු දිනය නිමා වනවිට කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 07 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියා. 

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් දුර්වල පන්දු රැකීමක නිරත වීම කැපී පෙනුණා. ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩ පන්දු 03 ක් ගිලිහී යාම හේතුවෙන් කොදෙව් පිතිකරුවන් පහසුවෙන් ලකුණු 250 සීමාව ඉක්මවා ගියා. නොදැවී පන්දුවට පහර දෙන නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් ලකුණු 99 ක් සහ රකීම් කෝන්වෝල් ලකුණු 43 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 03 ක් දවාගත් අතර විශ්ව ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තරඟය පැවැත්වෙන්නේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?