දූෂිත වායූ ලංකාව බිලිගනී

අපේ රටේ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය පරිසර අධිකාරිය විසින් නම්කර තිබෙන දූවිලි අංශුවල ප්‍රමිති අගය ඉක්මවා ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි මහතා පවසයි.

ඔහු පවසන්නේ පැය 24 ක කාලයක් තුළදී වායු කියුබික් මීටරයක තිබිය හැකි දූවිලි අංශු මයික්‍රෝ ගෑම් ප්‍රමාණය 50 ක් පමණ වන බවත් එය මේ දිනවල 75ක් දක්වා අහිතකර ලෙස ඉහළ ගොස් ඇති බවත්ය.

තවද ඔහු පැවසුවේ සෑම වසරකම නොවැම්බර් මාසයේ මැද සිට මාර්තු දක්වා ඉන්දියාවේ අහිතකර වායු දූෂණ තත්ත්වය ඉහළ යෑම නිසා එය මෙරටට බලපාන අතර මේ නිසා මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයද නියමිත ප්‍රමිතීන් ඉක්මවා යන බවයි.

මේ දිනවල යාපනය,පුත්තලම,මහනුවර,කොළඹ යන නගරවල දූවිලි අංශු ප්‍රමාණය විශාල ලෙස වැඩිවී ඇති බවත් ලබන වසරේ (2023) මාර්තු මාසය වන තෙක් මෙම තත්ත්වය විටින් විට පවතින බවත් මෙම තත්වයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණ භාවිත කරන ලෙසත්,අව් රශ්මිය පවතින අවස්ථාවන්හිදී එළිමහනේ මහන්සිවී සිදු කරන කටයුතු අවම කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?