spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දූෂණ විරෝධී පනත් කෙටුම්පත 21 වනදා විවාදයට

යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පසුගිය අප්‍රේල් මාසයේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුව තීරණය කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙම සතිය මුලදී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?