දුරුතු පොහෝ දා රාත්‍රියේ සුපිරි සඳක්

දුරුතු පොහෝ දිනය යෙදී ඇති අද (03) රාත්‍රියේ සුපිරි සඳක් දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

ඒ, අනුව අද දිනයේ දිස්වන චන්ද්‍රයාගේ දීප්තිය 30%කින් පමණ වැඩි වන බවයි තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර මෙම වසරේ දර්ශනයවීමට නියමිත ප්‍රධාන උල්කාපාත වර්ෂාවලින් එකක් අද (03) සහ හෙට (04) රාත්‍රියේ දර්ශනය වීමට නියමිත බව ආතර් සී.ක්ලාර්ක් මධ්‍යස්ථානය පවසනවා.

ඒ, අනුව හෙට (04) අලුයම 4.00ත් 5.00ත් අතර කාලය තුළ ඊසානදිග අහසේ මෙම උල්කා වර්ෂාව දර්ශනය වනු ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙහිදී පැයකට උල්කා 80ක් පමණ දර්ශනය වන බවයි ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහචාර්ය චන්දන ජයරත්න පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?