දුරදිග නොබලා ගත්ත තීන්දු තීරණ නිසා තමයි රටට මෙවැනි දෙයක් වුණේ

දුරදිග නොබලා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම හේතුවෙන් අද රට බලවත් දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්, රටේ අනාගතය යහපත් කිරීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අද (08) අයවැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට පත්වීමට වැරදි තීන්දු තීරණ ගත් පර්ශ්වයන් සහ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මෙහිදී මන්ත්‍රීවරු කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සිය එකඟත්වය පළ කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !