දුම්වැටි වල මිල වැඩි වෙයි

දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.

ඒ, අද (08) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට එම මිල සූත්‍රය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී ඒ ගැන සාකච්ජා කර තිබෙන අතර දුම්වැටි සඳහා බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට එය ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වෙන බව රාජපක්ෂ මහතා කියාසිටියේය.

මෙලෙස මිල සූත්‍රයක් හඳුන්වා දීමට අදහස් කළේ පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත ආදායම වැඩි නොවීම බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

” මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල 2022 දී වැඩි කර ගැනීමට හැකි වුවහොත් 2022 සිට 2026 දක්වා කාලය තුළ රු. බිලියන 125ක පමණ සෘජු ආදයමක් රජයට ලැබෙනවා දුම්වැටිවලින් පමණක්. මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල 6%කින් සෑම වසරකම වැඩි වෙනවා. ඒ වගේම තමයි මිල ඉහළ යෑම නිසා පාරිභෝගිකයාට මිල දී ගැනීමට ඇති හැකියාව අඩුවන නිසා දුම්වැටි ලංකාව තුළ විකිණීමේ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එය ඉතාම වැදගත් හා වටිනා ප්‍රවණතාවයක් වෙනවා. දුම්වැටි නිසා අකාලයේ දිනකට පුද්ගලයින් 60දෙනෙක් මියයනවා. දුම්වැටි නිසා ඇතිවන රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට ලැබෙන බදු ආදායමට වැඩ තුන් හතර ගුණයක් වැය වෙනවා. දැන් රු 65ක් වන දුම්වැටියක් මිල සුත්‍රයට අනුව සකස් කර ගත්තොත් රු 69ක් විතර වෙනවා. 2026 වන විට රු 20කින් පමණ වැඩිවෙලා. ක්‍රමානුකූලව දුම්වැටියේ මිල ඉහළ යනවා. කිසිම කෙනෙකුට දේශපාලනිකව හෝ වෙනත් අයෙකුට අතපෙවීමක් මිල සම්බන්ධයෙන් කළ නොහැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
119
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09