spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

කොළඹ දුම්රිය පර්යන්තයේ දුම්රිය සේවකයින් පිරිසක් විසින් අද (11) ආරම්භ කළ වැඩ වර්ජනය මේ වනවිට අවසන්කර තිබෙනවා.

බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි වෘත්තීය සමිති පවසන්නේ.

මෙම වර්ජනය හේතුවෙන් එම දුම්රිය අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණා.

මේ අතර බඳවාගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම සහ ශ්‍රේණි උසස්වීම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බවට දැනුම් දී තිබෙනවා.

මෙම වර්ජනය සම්බන්ධයෙන් එම සංගමය විසින් පාලන අධිකාරිය ද දැනුවත් කර ඇතැයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?