දුම්රිය රියදුරන් අද රාත්‍රියේ සිට වන අලි ගැවසෙන මාර්ගවල දුම්රිය ධාවනයෙන් ඉවත්වෙයි (වීඩියෝ)

වර්තමානයේ දුම්රියේ වන අලි ගැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට විශාල බාධාවක් එල්ල වී ඇති බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව පවසනවා.

මහව – ත්‍රිකුණාමලය, මහව – කන්කසන්තුරය සහ මහව – මඩකලපුව යන දුම්රිය මාර්ගවල ගමන් ගන්නා දුම්රියන්ගේ වන අලින් නිරන්තරයෙන් ගැටෙන බවයි ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ.

මේ හේතුවෙන් අද (23) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් එම මාර්ගවල රාත්‍රී කාලයේ දුම්රිය ධාවනයෙන් වැළකී සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට භාණ්ඩ සහ ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් වැළකී සිටින අතර, හෙට (24) මධ්‍යම රාත්‍රියේ සිට එම මාර්ගවල මගී ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් වැළකී සිටින බව ඔහු සඳහන් කළා.

දුම්රිය මගීන්ගේ ආරක්ෂාව, දුමරියේ ආරක්ෂාව සහ වන අලින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගනු ලබන බවත්, වන අලි ගැටී සිදුවන අනතුරුවල වගකීම දුම්රිය රියදුරන්ට භාරගැනීමට හැකියාවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව සඳහන් කර සිටියේ තම සංගමයේ තීරණය දුම්රිය පාලනාධිකාරියට දැනුම් දී ඇති බවත්, ඉදිරියේ දී සිදුවිය හැකි දරුණු අනතුරු වළක්වා ගැනීමට පියවරක් ලෙස මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

  1. වන අලින් මාරු වන ස්ථාන නිසියාකාරව පරීක්ෂා කර සොයා එම කලාප තුළ දුම්රිය මාර්ගය කොන්ක්‍රීට් කණු මත ඉදිකරන ක්‍රමයක් ගැන සිතා බලමු. දුම්රිය මාර්ගයට යටින් පස් ඉවත් කර එම ක්‍රමය ක්‍රියාත්මක කළ හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33