දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඉන්දියාවේ දරුණු අනතුරක්

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ අද (17) පෙරවරුවේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙම අනතුරින් තවත් 60 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇසෑම් ප්‍රාන්තයේ සිල්චාර් සිට කොල්කටා හි සීල්ඩා දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය රංගපානි දුම්රිය ස්ථානය අසලදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු ශීඝ්‍රගාමී දුම්රියේ අවසන් දුම්රිය මැදිරි 03 පීලි පැනීම හේතුවෙන් තවත් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම දුම්රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශෝකය පළකර අහි අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.

එමෙන්ම මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 02ක මුදලක් සහ තුවාල ලැබූ අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක වන්දි මුදලක් පිරිනැමීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?