දිස්ත්‍රික්ක කිහිපයකට මිලි මීටර් 100ට වැඩි වැසි

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය අද (08) පස්වරු 02.00 වන විට පොතුවිල් සිට කිලෝමීටර් 250 ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.

නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර 2026 ජනවාරි 09 වන දින පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එම නිවේදනයේ සඳහන් වුණේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වේ.
සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කලගුනා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙනවා.

නැගෙනහිර පළාතේත් මුලතිව්, වව්නියාව, කිලිනොච්චිය, පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර ඌව පළාතේත් නුවරඑළිය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු
පළාත්වලත්, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50 – 60 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝ මීටර් 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවටත් එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50