දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරු 02.00න් පසුව වැසි

උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29
Video thumbnail
විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ..පච පතුරව පතුරව යනවා
02:31
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25