අභාවප්රාප්ත හිටපු අග්රාමාත්ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව අදට (26) යෙදී තිබෙනවා.
අද පෙරවරුවේ ඒ වෙනුවෙන් වූ ගුණසමරු උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසළදී පැවැත්විය.
ඊට සමගාමීව හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 23 වන ගුණ සමරුව සහ හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 15 වන ගුණ සමරුවද පවත්වා තිබෙනවා.
එහිදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බන්ඩාරනායක කුමාරණතුංග මහත්මිය, සුනේත්රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් විසින් බණ්ඩාරනායක සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වීමද සිදු කළා.
මෙම ගුණ සමරු උත්සවය සඳහා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, හිටපු කථානායක කරූ ජයසුරිය සහ පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම යන මහත්වරුන්ද එක්ව සිටියා.




