දිය අනතුරකින් එක් ළමයෙකු අතුරුදන් – තවත් ළමුන් 11 දෙනෙකු මුදා ගැනේ (වීඩියෝ)

ඊයේ (12) සවස පානදුර දකුණු මුහුදු තීරයේ දියනෑමට ගිය ළමුන් 12 දෙනෙකු අතරින් එක් ළමයෙකු දිය වැලකට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් හා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා තවත් ළමුන් 11 දෙනෙකු බේරාගෙන ඇති බවයි.

නමුත් අතුරුදන් වූ ළමයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

අතුරුදන් වූ ළමයා වයස අවුරුදු 18ක් වූ කෙසෙල්වත්ත, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බේරාගත් දරුවන් අවුරුදු 12 ත් 20 ත් අතර වයස්වල පසුවන පානදුර හා පනාමුර ප්‍රදේශයේ පදිංචි ළමුන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50
Video thumbnail
සිර දඬුවම් නියම වූ සජබ මන්ත්‍රී චමින්ද පාර්ලිමේන්තුවට ආ හැටි
01:19
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17