Empty Ad
AFC Banner
Empty Ad

දිය අනතුරකින් එක් ළමයෙකු අතුරුදන් – තවත් ළමුන් 11 දෙනෙකු මුදා ගැනේ (වීඩියෝ)

ඊයේ (12) සවස පානදුර දකුණු මුහුදු තීරයේ දියනෑමට ගිය ළමුන් 12 දෙනෙකු අතරින් එක් ළමයෙකු දිය වැලකට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් හා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා තවත් ළමුන් 11 දෙනෙකු බේරාගෙන ඇති බවයි.

නමුත් අතුරුදන් වූ ළමයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

අතුරුදන් වූ ළමයා වයස අවුරුදු 18ක් වූ කෙසෙල්වත්ත, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බේරාගත් දරුවන් අවුරුදු 12 ත් 20 ත් අතර වයස්වල පසුවන පානදුර හා පනාමුර ප්‍රදේශයේ පදිංචි ළමුන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?