පන්සියගම, මොරොත්ත ප්‍රදේශයේ දී මොරොත්ත ඔයේ දිය නෑමට ගිය 16 හැවිරිදි දරුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (30) පෙරවරුවේ මෙම දරුවා තවත් මිතුරෙකු සමඟ දිය නාමින් සිටිය දී දියේ ගිලී ඇති බවයි පොලිසිය පැවසුවේ.
එහිදී දරුවා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන පොල්ගොල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
පන්සියගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.













