දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේදී මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා තවත් සිසුන් පිරිසක් සමග ඊයේ පස්වරුවේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලුණු සිසුන් දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගත කිරීමට යාමේදී එක් අයෙක් මරණයට පත්වී තිබුණා.

අනෙක් සිසුවා මියගොස් ඇත්තේ මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔවුන් මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ සහ තැන්නේකුඹුර විද්‍යාලෝක විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පැවති චිත්‍ර වැඩසටහනකට සම්බන්ධ වී එය අවසන් වීමෙන් පසු මහවැලි ගඟේ දිය නෑමට ගොස් ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39