spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේදී මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා තවත් සිසුන් පිරිසක් සමග ඊයේ පස්වරුවේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලුණු සිසුන් දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගත කිරීමට යාමේදී එක් අයෙක් මරණයට පත්වී තිබුණා.

අනෙක් සිසුවා මියගොස් ඇත්තේ මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔවුන් මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ සහ තැන්නේකුඹුර විද්‍යාලෝක විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පැවති චිත්‍ර වැඩසටහනකට සම්බන්ධ වී එය අවසන් වීමෙන් පසු මහවැලි ගඟේ දිය නෑමට ගොස් ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?