දියුණු රටවල මෙන් අන්තර්ජාල පරිහරණයට නියාමනයක් ඇතිකිරීම යුගයේ අවශ්‍යතාවක්

ලොව බොහෝ දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය‍ නියාමනයක් ඇතිව ක්‍රියාවට නැංවෙන අතර ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටළු ඇතිවීමට ඩිජිටල් තාක්ෂණයේ අවභාවිතය හේතුවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ළමා අපයෝජන වැළැක්වීමේ දින සමරුව නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමින්.

දිනෙන් දින වැඩි වෙමින් පවතින සමාජ, ආර්ථික ප්‍රශ්න හමුවේ වත්මන් සමාජය සිටින්නේ නොනවතින තරගයක බවත්, තරගයක ස්වභාවය ජයග්‍රහණ අත්පත් කරගැනීම වෙනුවෙන් වෙහෙසීම වන නිසා අපට හමුවන්නේ මානසික පීඩනය සහ ආතතියට ලක්වූ පරපුරක් බවත්, මේ නිසා ඉදිරි පුහුණු වැඩසටහන්වල දී මනෝ වෛද්‍ය ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

මෙරට ප්‍රාදේශීය මට්ටමින් මතුවන සමාජ ගැටළු හඳුනාගන්නටත් ඒවාට විසඳුම් ලබාදීම වෙනුවෙන් පියවර ගන්නටත් බිම් මට්ටමේ නිලධාරීන් රැසක් සිටින බවත්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331කත්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු 25කත් මාසික ව සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වෙන බවත් ඒ හරහා මෙම ගැටළු වෙනුවෙන් විශාල මැදිහත්වීමක් සිදුකළ හැකි බව ඔහු කියාසිටියා. අමාත්‍යවරයා සඳහන් කළේ බොහෝ දරුවන්ට සිදුවන අසාධාරණ, අපයෝජන, සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් ඇතුළු ගැටළුවලට පවුල් සංස්ථාව තුළ පවත්නා ප්‍රශ්න අතර දරුවන් හුදකලාවීම, මව්පිය ආරවුල්, දරුවන්ට අවධානයක් නොමැතිකම සහ නූගත්කම වැනි හේතු බලපා ඇති බවයි. මේ සම්බන්ධ වැඩිදුරටත් සමීක්ෂණ සිදුකරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව ද ඔහු කියාසිටියා.

එමෙන් ම ලිංගික අධ්‍යාපනය පාසල්වලට හඳුන්වාදීම නුසුදුසු බවට ඇතැම් පිරිස් තර්ක කරන බවත්, එය පාසල් විෂයමාලාවට වඩාත් යෝග්‍ය වන අන්දමින් ඇතුළත් කිරීම සිදුකළ යුත්තක් බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළ ඒ වෙනුවෙන් අවධානය යොමුව ඇති බවයි ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04