දියණිය සමඟ යතුරුපැදියෙන් ගිය පියාට තියුණු ආයුධ ප්‍රහාරයක්

තම දියණිය සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට මාතර – බ්‍රවුන්හීල් ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබෙනවා.

ඊයේ (09) පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති අතර, එම පුද්ගලයාගේ දකුණු අත ශරීරයෙන් වෙන් වී යන සේ කපාදමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පහරකෑමට ලක්වූ පුද්ගලයා අමිල සුදීර නොහොත් ‘බොබි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ අයෙක් වන අතර
ඔහු පුද්ගල ඝාතන සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

‘බොබි’ නමැති පුද්ගලයා විසින් 2021 වසරේ සැප්තැම්බර් මස 05 වන දින මාතර – රස්සන්දෙණිය ප්‍රදේශයේ දී ගඩොල් කැටයකින් පහර දී ඝාතනය කළ චලිත රංගන වීරසිංහ නමැති පුද්ගලයාගේ හිතවතුන් පිරිසක් මෝටර් රථයකින් ඊයේ පැමිණ තියුණු ආයුධවලින් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇප කොන්දේසි අනුව ‘බොබි’ නැමැත්තා මාතර පොලීසියට ගොස් අත්සන් කර නැවත තම දියණිය සමඟ නිවසට යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් බරපත තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඔ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46