දියණිය කෙළෙසා රටින් පනින්න හැදූ පියා අල්ලයි

සිය දියණිය කෙළෙසා විදෙස් රටකට පළා යෑමට තැත්කළ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන්, ඩුබායි හරහා ඉතාලිය වෙත පළා යෑමට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ඉතාලියේ පදිංචිව සිටින අතර, කෙටි නිවාඩුවක් සඳහා පසුගිය ද මෙරටට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවවේ වෙන්නප්පුව, උදාසිරිගම ප්‍රදේශයේ ඔහුගේ බිරිඳ සමඟ ජීවත් වූ දියණිය සැකකරු විසින් දූෂණය කර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එම සිද්ධියේ පසු සුජීව ප්‍රසන්න ප්‍රනාන්දු නැමැති 49 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබූ අතර, මේ සම්බන්ධයෙන් පොලිසිය ඊයේ (22) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්වත් කිරීමට කටයුතු කර තිබුණා.

එහිදී අධිකරණය විසින් සැකකරුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පැනවීමට කටයුතු කළ බවයි වාර්තා වුණේ.

ඒ අනුවයි මෙම සැකකරු අද (23) උදෑසන රටින් පළා යෑමට ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුට දැරියන් සිව්දෙනෙක් සහ එක් පිරිමි දරුවෙක් සිටින අතර, මෙලෙස දූෂණය කර ඇත්තේ 12 හැවිරිදි වියේ පසු වූ දියණිය බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56