දියණිය කෙලෙසූ කොස්තාපල් බරපතල වැඩ සහිතව සිපිරි ගෙට

වයස අවුරුදු 08ක තම දියණියට බරපතල ලිංගික අපරාධයක් සිදුකළ බව කියන හිටපු පොලිස් කොස්තපල්වරයෙකුට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් පැනවීමට ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (21) නියෝග කළා.

මෙලෙස දඬුවම් නියම වුණේ ආණමඩුව පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට බවයි වාර්තා වුණේ.

ඔහු නවගත්තේගම – මුල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

සැකකරු විසින් තම මිණිබිරියව බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට මිත්තණියක් විසින් 2020 වසරේ පෙබරවාරි මස 25 වනදා නවගත්තේගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර සැකකාර පොලිස් කොස්තාපල්ගේ සේවය අත්හිටුවීමට ද පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබුණා.

සැකකරුට එරෙහිව පනවා තිබූ නඩුව ඊයේ (21) ආණමඩුව මහේස්ත්‍රාත් අධීකරණයේ දී කැඳ වූ අවස්ථාවේ ඔහුට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවලට වැරදිකරු බවට ඔප්පුවීමෙන් පසු අදාළ දඬුවම් නියම කිරීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
13
+1
22
+1
7
+1
6
+1
5
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40