දින ගණනක් මඩේ එරී සිටි වන අලි පැටවෙකු බේරා ගැනෙයි

වවුනියාව මාමඩුව වැව අද්දර මඩ වළක එරී සිටි අලි පැටවෙකු වන ජීවී නිලධාරීන් පිරිසක් විසින් අද (04) මහත් පරිශ්‍රමයක් දරා එම වන අලි පැටවාව බේරා ගෙන තිබෙනවා.

අවුරුද්දකටත් වඩා අඩු වයස මෙම වන අලි පැටවා වන අලි රංචුවක් සමග දිය බීමට මාමඩුව වැව දෙසට යමින් සිටියදී වැව අද්දර වූ මඩ වළක එරී තිබේ.සෙසු වන අලි මෙම පැටවා බේරා ගෙන ආපසු යාමට උත්සහ කළත් එය අසීරු වූ තැන වන අලි රංචුව කෑ මොර දෙමින් වනය අද්දර රැදී සිට ඇත.

ගවයින් රැගෙන ගිය මාමඩුව ගමේ ගැමියෙකුට මඩේ එරී සිටි වන අලි පැටවා දැක ගැනීමට ලැබී ඇත්තේ දින හයකට පමණ පසුවය.

ඔහු ඒ පිළිබදව මාමඩුව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය වනජීවී නිලධාරීන් කැදවා ගම්වාසීන්ගේද සහය ඇතිව පැය පහක පමණ කාලයක් දැඩි ලෙස මහන්සි වීමෙන් පසුව වන අලි පැටවා ගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42