දිනෙන් දින යළි හිස ඔසවන කොරෝනා

කොරෝනා ආසාදිත තවත් මරණයක් අද(22) දිනයේත් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයෙක්.

පසුගිය දින කිහිපයේම කොරෝන මරණ යළි වාර්තා වූයේ බොහෝ කලකට පසුවයි.

එසේම මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගේ ද යම් ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

කෙසේ වෙතත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවට තීන්දුවක් ද රජය විසින් මීට පෙර ගත් අතර මේ වනවිට සමාජයේ බොහෝ පිරිසක් මුව ආවරණ භාවිතා කරන ආකාරයක් දක්නට නැහැ.

පොදු ප්‍රවාහනය භාවිතා කරන පුද්ගලයන් ද මුව ආවරණ භාවිතයෙන් ඉවත් වී සිටින ආකාරයක් දක්නට ලැබෙන පසුබිමකයි යළි මෙලෙස කොරෝන මරණ සහ ආසාදිතයන් වාර්තා වීම ඉහළ අගයක් ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?