ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරඟය අද ආරම්භ විය.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 48.4කදී සියලු දෙනා දැවී ලකුණු 166ක් ලබා ගත්තා.
පළමු ඉනිම සඳහා පාකිස්ථාන කණ්ඩායම අද දිනය අවසන් වන විට පන්දුවාර 28.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 145ක් ලබා සිටියා. ඒ වෙනුවෙන් අබ්දුල්හ් ශෆිකිව් ලකුණු 74ක් සහ බාබර් අසාම් ලකුණු 8ක් ලබා ගත්තා.
පාකිස්ථාන කණ්ඩායම ශ්රී ලංකාවට වඩා තවත් ලකුණු 21ක් පිටුපසින් සිටි.
