ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
ඉන්දියාවේ කුකුළු ගොවිපළ දෙකකින් බිත්තර ආනයනය සිදු කළ බව පවසන සභාපති එයට අමතරව ඉන්දියාවේ තවත් ගොවිපළ තුනකින් බිත්තර මිල දී ගැනීමට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි ද කීය,
ඉන්දියාවේ කුකුළු ගොවිපළ පරීක්ෂා කිරීමේ සංචාරයක නිරත වූ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ හා රාජ්ය වාණිජ නීතිගත සංස්ථාවේ නිලධාරීන් තිදෙනා ලබා දී තිබූ වාර්තාව අනුව අලුතෙන් තවත් ගොවිපළ තුනකින් බිත්තර ගෙන්වීමට මෙසේ අවසරය ලැබුණු බව ද සභාපති ආසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
දිනකට ලක්ෂ දහය බැගින් ආනයනය කරන බිත්තර බේකරි, හෝටල්වලට බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු කීහ.














EYI OKUNTMA WITHARAK DENNE. EKA BALLEK EKA DEKIN HO SATHAYAK MILA ADU KARALA NAHE. OYA PAHARA BALLANTAMA KAWA KAWA HITAHALLA. OWA KARANNETH OWA GENWANNA MUL AYAGE UNMA WENNA ATHI. DARUWO MILLION GANAK PROTEIN NATHUWA INNAWA, MALU, MUS MILA AHASA USATA GIHIN THIYENA NISA. LABETA PROTEIN GANNA HAKI BITHTHARA WALIN MA PAMANAYI.