දිනකට අමතර පැයක් පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන්නේ මෙහෙමයි

රජයේ හා රජයේ අනුමත පිරිවෙන්, දිනකට පැය 01 බැගින් අමතර ඉගැන්වීම් කාලයක් ඇතුළත් කිරිමෙන් දින 139ක් පැවැත්විය යුතු බවට මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදුන්නා.

ඒ, අනුව සිංහල හා දෙමළ මාධ්‍යයේ පාසල්වල, පාසල් අවසන් වන වේලාව අමතරව
1 ශ්‍රේණිය හා 2 ශ්‍රේණිය සඳහා – අමතර පැය1/2ක කාලයක්,
3 ශ්‍රේණිය හා 4 ශ්‍රේණිය සඳහා – අමතර පැය 1/2ක කාලයක්,
5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා – අමතර පැය 01ක කාලයක් ද ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතු වනවා.

මුස්ලිම් පාසල්වල ආගමික කටයුතු සඳහා සිකුරාදා දිනය යොදා ගැනීම හේතුවෙන්, එම දිනවල දී අමතර පැයක කාලයක් යොදා ගැනීම අපහසු වන්නේ නම්, පාසල් පැවැත්වෙන අනෙකුත් දිනයන්හි දී අදාළ අහිමි වන කාලය ආවරණය කළ යුතු බවයි දැනුම් දෙන්නේ.

ඒ අනුව එම පාසල් සතියේ අනෙකුත් දිනවල දී පස්වරු 3.15 වන තෙක් පැවැත්විය යුතු වනවා.

සිසුන්ට විවේක කාලය ලබාදීමේ දී, වැඩිවන අමතර පැයක කාලය සඳහා විනාඩි 10ක අමතර විවේකයක් ලබාදිය යුතු අතර, එය විදුහල්පතිගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවයි දැනුම් දෙන්නේ.

අමතර ඉගැන්වීම් කාලය ඇතුළත් ව කාලසටහන් සකස් කර ගැනීම හා ඒ සඳහා ගුරුවරුන් යෙදවීම ද විදුහල්පතිගේ අභිමතය පරිදි සිදු කළ යුතු වනවා.

මෙම කරුණු ක්‍රියාත්මක කිරීමේ දී යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27