දිට්වා ආපදාවන් සම්බන්ධ නව ව්‍යාපෘතියකට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මහාමාර්ග, දුම්රිය මාර්ග සහ වාරි මාර්ග පද්ධති වැනි ජාතික යටිතල පහසුකම්වලට මෙන්ම ජීවනෝපායන්, කෘෂිකාර්මික කටයුතු සහ නිවාසවලට හානි සිදුවීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබ ඇති පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරුවට අනුව, එම ව්‍යසනය හේතුවෙන් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක හානි මෙන්ම, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක ආර්ථික පාඩු සිදු වී ඇති අතර, ප්‍රතිසාධන අවශ්‍යතාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බවට ඇස්තමේන්තුගත කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඒ අනුව, හදිසි ප්‍රතිසාධන අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් සහ ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුව විසින් ‘ පශ්චාත් දිව්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණය සහ ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය’ නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීම, සුළි කුණාටුවෙන් හානි වූ වාරි මාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ ජීවනෝපායන් ප්‍රතිස්ථාපනය කිරීම හා නිවාස ආධාර යන ප්‍රධාන සංරචක තුනකින් සමන්විතව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ආමාත්‍ය නලිද ජයාතිස්ස සඳහන් කළා.

ඒ අනුව, නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් සහ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් යෝජිත ව්‍යාපෘතිය සඳහා ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍වරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09