දෑත් කපා රැගෙන ගිය පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන ගිය සැකකරු ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (26) නියෝග කර තිබෙනවා.

ඒ, සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු සමඟ සැකකරුට රැකවරණය ලබාදුන් පුද්ගලයෙකු අද දිනයේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ද රක්ෂිත බන්ධාගාර ගත කිරීමටයි නියෝග කළේ.

එම පුද්ගලයා මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

මේ අතර අපරාධය සඳහා සැකකරු භාවිත කළ බව කියන කඩුව අද (26) දින එගොඩඋයන, මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබිය දී ගල්කිස්ස අපරාධ කොට්ඨාසය විසින් සොයා ගත්තා.

සැකකරු විසින් කපා රැගෙන ගිය දෑත් කොටස් කඩුව සොයාගත් ස්ථානයෙන් මුහුදට විසි කළ බවයි ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

සැකකරු විසින් පසුගිය 21 වනදා ඇති වූ පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

අදාළ පහරදීම සිදුකළ පුද්ගලයා පසුගිය මාර්තු 24 වනදා නීතිඥයෙකු මාර්ගයෙන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56