දැවැන්ත හෙරොයින් තොගයක් දකුණු මුහුදේ දී අල්ලයි

අද (07) අලුයම හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බෙනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ධීවර යාත්‍රා දෙකක් සහ එක් ඩිංගි යාත්‍රාවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සැකකරුවන් හම්බන්තොට පොලිසියට භාරදීමට නියමිතයි.