spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැරියන් පාසල් පැමිණීමේ අඩුවක්

වැඩිවිය පැමිණි දැරියන් ඔසප් කාලසීමාවේ දී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. මෙයට බලපා ඇත්තේ සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම බවයි වෛද්‍ය චමල් සංජීව පවසන්නේ.

ගුරු වෘත්තිය සමිති සමඟ ඒකාබද්ධව කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මේ බව කියා සිටියේ. මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ, පවතින ආර්ථික තත්වය මත පාසල්වල උදෑසන රැස්වීමේ දී ක්ලාන්ත වී ඇද වැටෙන සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?