AFC Banner
Empty Ad
Empty Ad

දැරියකට දසවද දෙන පුංචි අම්මාගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

බාලවයස්කාර දැරියකට පහර දී ඇයව නිවසේ මිදුලේ දණගස්සවා ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ මජිමා නගර් හි ජීවත්වෙන වයස අවුරුදු 13ක දැරියකට ඇයගේ සුළු මව විසින් මෙලෙස වදහිංසා පමුණුවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රැකියවක් සඳහා විදෙස් ගතව ඇති දැරියගේ පියා සොරකමක් සිදුකිරීමේ චෝදනාවකට මේ වනවිට එරට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවට තොරතුරු වාර්තා වනවා.

දැරියගේ පියාගේ දෙවන විවාහයේ බිරිඳ භාරයේ මෙම දැරිය ජීවත්ව ඇති අතර, ඔහුගේ දෙවන විවාහයෙන් අදාළ කාන්තාවට දාව තවත් දරුවන් දෙදෙනෙකු ද සිටින බව සඳහන්.

මෙම දැරිය සුළු මවගේ තාඩන පීඩන හමුවේ පාසල් නොගොස් නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙන බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වෙත ඊයේ (13) දිනයේ පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි එම පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
0
+1
3
+1
32
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?