දාහේ ටිකට් නැතුව දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්ස තරගාවලියේ අනිද්දා (13) පැවැත්වීමට නියමිත දෙවන විස්සයි විස්ස තරගය සඳහා ප්‍රවේශ පත් කවුළුවෙන්; ප්‍රවේශ පත් නිකුත් කිරීම අද (11) ආරම්භ වුණා.

ඒ, මෙම තරගය පැවැත්වීමට නියමිත රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබූ ප්‍රවේශ පත් කවුළුවෙන්.

ප්‍රවේශ පත් මිලදී ගැනීම සඳහා අද උදෑසන සිට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිට දිගු පෝලිම්වල රැඳී සිටීමට ප්‍රේක්ෂකයින්ට සිදු වුණා.

එවැනි තත්ත්වයක ප්‍රවේශ පත් මිලදී ගැනීමට පැමිණි ප්‍රේක්ෂකයින් සහ ප්‍රවේශ පත් කවුළු නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ, රුපියල් දහසක මුදලකට මිල නියමකර තිබූ ප්‍රවේශ පත් කිසිවක් නොමැති බවට ප්‍රවේශ පත් කවුළු නිලධාරීන් පැවසීමත් සමඟයි.

එහිදී එම නිලධාරීන් පවසා ඇත්තේ රුපියල් දහසේ ප්‍රවේශ පත් සියල්ල අලෙවි අවසන් බවයි.

කෙසේ වෙතත් ප්‍රේක්ෂකයින් එහිදී කියා සිටියේ අද (11) දිනයේ එම ප්‍රවේශ පත් කවුළුවෙන් රුපියල් දහසේ ප්‍රවේශ පත් එකක් හෝ නිකුත් නොකළ බවයි.

ප්‍රවේශ පත් කවුළු නිලධාරීන් මෙහි දී ප්‍රේක්ෂකයින්ට පවසා ඇත්තේ, රුපියල් දහසේ ප්‍රවේශ පත් මාර්ග ගත ක්‍රමයට ඔස්සේ සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබූ ප්‍රවේශ පත් කවුළුවෙන් අලෙවි වී අවසන් බවයි.

එහිදී ප්‍රේක්ෂකයින් පවසා සිටියේ ප්‍රවේශ පත් නිකුත් කිරීමේ දී යම් වංචාවක් සිදුවන බවයි.

මේ අතර දෙවන විස්සයි විස්ස තරගයේ ප්‍රවේශ පත් සියල්ල අලෙවි වී අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06